ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන වචනය ඇහුන ගමන් ඒක දකින්නේ ලිංගික අපරාධයක් විදිහට.
"ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු දාසය වශයෙන් දක්වලා තියෙන්නෙ ඒ වයසෙදි ලිංගිකව මුහුකුරා (sexual maturity) ගොස් තිබෙනවා කියන පිළිගැනීම නිසා. ඊට වැඩි වයස් සීමාවක් පැනවීමෙන් එය නිරර්ථක නීතියක් විය හැකියි. නමුත් ලංකාවේ පවතින විශම සමාජ ආර්ථික තත්ත්වයත් එක්ක මේ වයසෙ සෑම දරුවෙකුටම එවැනි තීරණයක් ගන්න දැනීමක් තිබේද යන්න ප්‍රශ්නයක්. මොකද දරුවන්ට ප්‍රමාණවත් නෛතික හෝ ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන නිසා.
"අවුරුදු 16 පස්සේ ලිංගිකව එක්වෙලා 18 වන තුරු විවාහ වීමට නොහැකි බැවින් ගැහැණු ළමුන් විශාල පිරිසක් ගැටලුවලට මුහුණ දෙනවා. මොකද දෙන්නෙක් ලිංගිකව එක්වුවත් ඇය නීත්‍යනුකූලව බිරිඳ වශයෙන් පිළිගැනෙන්නේ නැහැ. ඒ නිසා බිරිඳකට නීතියෙන් හිමි වෙන අයිතිවාසිකම් ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම සුජාතභාවය කියන කාරණයත් එක්ක, ලැබෙන දරුවටත් විවිධ ගැටලුවලට මුහුණ දෙන්න වෙන්න පුලුවන්.
"මේ නිසයි දැනුවත් කිරීම අවශ්‍ය."
ශ්‍රී ලංකාව තුළ අවුරුදු 16 ට වැඩි (ලිංගික කැමැත්ත දිය හැකි) නමුත් අවුරුදු 18 ට අඩු (විවාහ විය නොහැකි) වයස් සීමාවේ පසුවන ළමා මව්වරුන්ගේ සංඛ්‍යාව සමාජීය ගැටලුවක්.
"අවුරුදු 16 යි 18 යි අතර දරුවෝ ප්‍රෙග්නන්ට් වෙනවා. උපදින දරුවට තාත්තා නැති වෙනවා. මොක ද ඒ ළමයා බාලවයසක නම් ඔහුට පරිවාසෙට යන්න වෙනවා. මේ අය පොලිසිය ඉදිරියේ පොරොන්දු වෙනවා අනාගතයේ කසාද බඳිනවා කියලා. හැබැයි අනාගතයේදී ඒ තරුණයා හොයා ගන්න බැරි වෙනවා. උපදින දරුවට තාත්තා කෙනෙක් නැති වෙනවා,"
"එක්කෝ ලිංගික කැමැත්ත දෙන වයස අවුරුදු 18 කරන්න ඕනි. එහෙම නැතිනම් විවාහ වෙන වයස අවුරුදු 16 කළ යුතුයි,"


Comments
Post a Comment