කාන්තා ඔබ හදිසි උපත් පාලන ක්‍රම ගැන දැනුවත්ද?

මෙම ලිපියෙන්  
1. හදිසි උපත් පාලන පෙති යනු මොනවාද මොනවාද යනු මොනවාද?
2. හදිසි උපත් පාලන පෙති සුදුසු වන්නේ කාට ද?
3. හදිසි උපත්පාලන පෙති භාවිතා කළ යුත්තේ කෙසේද ?
4. මෙම පෙති භාවිතයේදී වැදගත් වන කරුණු
5. මෙම පෙති ලබා ගත හැකි ස්ථාන

බලාපොරොත්තු නොවූ ලිංගික එක්වීම එක් වීමක් නිසා එක්වීම නිසා ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ඔබට හදිසි උපත් පාලන ක්‍රම දෙකක් ඇත.ඒවා නම්,හදිසි උපත් පාලන පෙති හා අන්තඃ ගර්භාෂ තැන්පතුව (ලූපය) යි.

1. හදිසි උපත් පාලන පෙති යනු මොනවාද මොනවාද යනු මොනවාද?

මේවා ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට ගැනීමට භාවිතා කළ හැකි පෙති වර්ගයකි. මෙම පෙති තුළ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ට සමාන රසායන සංයුතියකින් යුතු සාගරය අඩංගු වේ. මේවා 0.75 mg පෙති දෙකක් ලෙස ද 1.5 mg තනි පෙත්තක් ලෙස ලබාගත හැකිය.

මෙම පෙති සාමාන්‍යයෙන් (නිතිපතා) උපත් පාලන ක්‍රමයක් ලෙස භාවිතා කිරීම සුදුසු නැත.

2. හදිසි උපත් පාලන පෙති සුදුසු වන්නේ කාට ද?

  • කිසිදු උපත්පාලන ක්‍රමයක් භාවිතා නොකර ලිංගිකව එක් වූ අවස්ථාවකදී.
  • ලිංගික එක්වීමකදී, කොන්ඩම් ඉරීයාම ගැළවී යාම හෝ නිවැරදි ලෙස භාවිතා නොකිරීම වැනි අවස්ථාවලදී.
  • ස්ත්‍රී දූෂණයක් වැනි අවස්ථාවකදී.

මෙම පෙති මගින් මඟින් ඩිම්බ පිටවීම වලක්වා, ගැබ් ගැනීම වළක්වයි.

3. හදිසි උපත්පාලන පෙති භාවිතා කළ යුත්තේ කෙසේද ?

  • බලාපොරොත්තු නොවූ ලිංගික එක්වීමකින් පසු හැකි ඉක්මනින් මෙය ගත යුතුය . දෙන 5කට පසු මෙම ක්‍රමය සාර්ථක නොවේ .
  • පෙති හැකි ඉක්මනින් ගැනීමෙන් සාර්ථකත්වය වැඩි කර ගත හැකිය .
  • පෙති ගැනීමෙන් පැය දෙකක් ඇතුළතදී වමනය ඇති වුවහොත් හැකි ඉක්මණින් ඒ වෙනුවට අලුතින් පෙති ගැනීම අත්‍යවශ්‍යය .

මෙම පෙති වල සාර්ථකත්වය 99% ක් පමණ වේ . නමුත් මේවා නිතර නිතර භාවිතා නොකළ යුතුය . නිතර භාවිතා කිරීමට සිදුවේ නම් සාමාන්‍ය උපත් පාලන ක්‍රමයකට යොමු වන්න.

පහත දැක්වෙන ප්‍රධාන අතුරු ආබාධ ඇතිවිය හැකිය. ඒවා අනතුරුදායක නොවන අතර දින කිහිපයකින් මගහැරී යන ඇත.

  • ඔක්කාරය
  • හිසරදය
  • ක්ලාන්තය
  • පියයුරු වල වේදනාව
  • ඔසප් චක්‍රයේ අක්‍රමිකතා

4. මෙම පෙති භාවිතයේදී වැදගත් වන කරුණු

  • පෙති ගැනීමට පෙර කුමන හෝ ආහාරයක් ගැනීම (එනම් හිස්බඩ ට පෙති නොගැනීම ).
  • මෙම පෙති භාවිතයෙන් පසු නැවත සිදුවන අනාරක්ෂිත ලිංගික එක්වීම් සඳහා මෙයින් ආරක්ෂාවක් නොලැබේ.
  • පෙති ගැනීමෙන් අනතුරුව එම කාන්තාව ගැබ් ගතහොත් මෙම පෙති ගැනීම නිසා දරුගැබට හානියක් සිදු නොවේ.
  • ගැබ්ගත් කාන්තාවක් හදිසි උපත් පාලන (පවුල් සැලසුම්) පෙති භාවිතා කිරීම නිසා ඇයට ගබ්සාවක් සිදු නොවේ.
  • පෙති භාවිතා කිරීමෙන් පසු පළමු මාසික ඔසප් වීම ඔසප් වීම සාමාන්‍ය අන්දමට හෝ නියමිත දිනට දින කිහිපයකට පෙර හෝ පසුව සිදුවිය හැකිය.
  • එහෙත් මාසික ඔසප් වීම සතියකට වඩා ප්‍රමාද වුවහොත් හෝ ඒ පිළිබඳ කිසියම් ගැටළුවක් ඇත්නම් හෝ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඔබ දරුවන් සිටින කාන්තාවක් නම් හදිසි පවුල් සැලසුම් ක්‍රමය වශයෙන් අන්තඃ ගර්භාෂ තැන්පතුව (ලූපය) භාවිතා කළ හැකිය. ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගෙන් උපදෙස් පතන්න.


5. මෙම පෙති ලබා ගත හැකි ස්ථාන

  • වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඕනෑම ඔසු සලකින් ලබාගත හැකිය.
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය.
  • පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කාර්යාල.
  • රජයේ පවුල් සැලසුම් සායන(රෝහල්වල ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල හා ක්ෂේත්‍රයේ ).
  • වතු පවුල් සැලසුම් සායන.
  • රාජ්‍ය නොවන ආයතන මගින් පවත්වාගෙන යනු ලබන පවුල් සැලසුම් සායන.
  • පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන.

ඔබට වඩාත් සුදුසු උපත් පාලන / පවුල් සැලසුම් ක්‍රමය තෝරා ගැනීමට පහත නිලධාරීන් ගෙන් උපදෙස් ලබා ගත හැකිය.
වෛද්‍යවරුන් , මහජන සෞඛ්‍ය හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,සෞඛ්‍ය සේවා නිලධාරිනියන්.

තොරතුරු: පවුල් සෞඛ්‍ය කාර්‍යංශය




Comments