Public Transport Sexual Harassments.

 ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් එම ප්රවාහන මාධ්ය තුළ ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මේ අතරින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ, රැකියා සහ අධ්යාපන කටයුතු සඳහා පොදු ප්රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ය.මීට අමතරව පිරිමි ලමුන් පවා මෙබදු අත්දෑකීම් වලට කුඩා කලදි මුහුණපායි. මේ එබදු අත්දෑකීමක්.

"මම බස් එකේ වින්ඩෝ සීට් එකේ වාඩි වෙලා යනකොට මගේ එහා පැත්තේ හිටපු මනුස්සයා එයාගේ පෞද්ගලික අවයව නිරාවරණය කරලා හිටියේ. මම එවලේ ම එතැනින් නැගිට්ටා, කෑගහන්න ඕන වුණත් කෑගහන්න බැරි වුණා.”
"අපි පොඩිකාලේ ඉඳලම අපිට දෙමව්පියන් කියන්නේ අනිත් පැත්තට කතා කරන්න එපා, කෑගහන්න එපා කියලා. ඉතින් අපිට එහෙම කරදරයක් වුණා ම අනිත් පැත්තට කතා කර ගන්න බැහැ."
"ගෙදර ගිහිල්ලත් මේවගේ දෙයක් කියන්න ලැජ්ජයි. කොහොමද ගිහින් තාත්තට හරි අයියට හරි කියන්නේ. අම්මට කියනන්ත් බයයි, ලැජ්ජයි. ඒ තත්ත්වය වෙනස් කරලා මේ දේවල් ගැන විවෘතව කතා කරන්න ඕනේ."
"අපි ගොඩක් වෙලාවට හිතනවා නොදැනුවත්ව වුණා, එහෙම නැත්නම් නින්ද ගිහිල්ල නිසා වෙනවා ඇති කියලා. ඒත් සමාජය තුළ අවබෝධයක් නැහැ මිනිසුන් මේ දේවල් වුවමනාවෙන් කරන්නේ කියල. ඉතින් අපි ඒ දේවල් ගැන කතා කරන්න ඕනේ.”
“එහෙම සිදුවීමකට මුහුණ දුන්න වේලාවකදී අපිට වෙන දේ. එක්කෝ අපි ගල්වෙනවා. නැත්නම් අපිට වේගයෙන් හුස්ම ගන්න තත්වෙට පත්වෙනවා. මේ දේවල් වෙන්නේ පොඩිකාලේ ඉඳල ම අපි මේවට හුරු නැති නිසා කියලා මම හිතනවා."
මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2017 වසරේදී කළ සමීක්ෂණයකදී, හිංසනයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පවසා ඇත්තේ තම සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් පෙළඹුණු බවය.
ඉන් 52%ක් පැවසුවේ, විවිධ පුද්ගලයන් සිය ලිංගික අවයවය තම සිරුරේ ස්පර්ශ කිරීමට උත්සහ කළ බවය. අශෝභන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා අනවශ්ය ලෙස තමන් ස්පර්ශ කළ බව, හිංසනයට ලක්වූ කාන්තාවන්ගෙන් 52.25%ක් පැවසූහ.
පුරුෂයන් අනවශ්ය ලෙස සිය සිරුරට බර වීම, ලිංගික අවයව ප්රදර්ශනය කිරීම, පය පෑගීම, අතින් ඇල්ලීම, අනවශ්ය ලෙස සිරුර දෙස බලා සිටීම, අසභ්ය වදන් පැවසීම, දුරකතන අංකය ඉල්ලා කරදර කිරීම සහ ජංගම දුරකතනයේ ඇති අසැබි දසුන් පෙන්වීමට උත්සහ කිරීම වැනි ලිංගික හිංසනයන්ට තමන් මුහුණ දුන් බව පැවසු කාන්තාවන්ගේ ප්රතිශතය 60%කි.
පොදු ප්රවාහන සේවයකදී ඔබත් හිංසනයකට ලක්වුවහොත් ඊට විරෝධය පළකර මුලින් ම කොන්දොස්තරවරයා හෝ අවට සිටින අය දැනුවත් කරන ලෙස ශ්රී ලංකා පොලිසිය ඉල්ලා සිටී.
ඉන් අනතුරුව වහාම 119 හෝ 1938 යන අංක අමතා සහාය පතන ලෙස පොලිසිය දැනුම් දෙන අතර බොහෝ දෙනා මේ ගැන පැමිණිලි යොමු කිරීමට මැලිකමක් දැක්වීම නිසා හිංසනයට එරෙහිව නීතිය ක්රියාත්මක නොකළ හැකි තත්ත්වයක් පවතින බව පොලිසියේ මතය වී තිබේ.
සමාජ දැනුවත්භාවය උදෙසා #EndHarassementLK hash tag සමග ඔබේ wall එකෙත් share කරන්න. ඔබේ අත්දෑකීම් බෙදාගන්න. එමෙන්ම මෙබදු අවස්ථාවල වින්දිතයා වෙනුවෙන් නැගී සිටින්න.

Comments