අන්තර්ජාලයට යන දරුවා ගැන අනතුරු ඇඟවීමක්!
ඔබේ දරුවා නිතර දෙවේලේ අන්තර්ජාලයේ සැරි සරන්නේ නම් හෝ පරිගණක ක්‍රීඩාවට ලොල් වී සිටී නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස මානසික වෛද්‍යවරියක් අනතුරු අඟවන්නීය.
මත්පැන් සහ දුම් පානයට ඇබ්බැහි වුවන්ගේ රෝග ලක්ෂණ අන්තර්ජාලයට ඇබ්බැහි වුවන් තුළ ද දැකිය හැකි බවයි මානසික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසන්නේ.
'හුදෙකලාව නිසා පරිගණකයට ඇබ්බැහි වන දරුවාගේ ජීවිතය ඊටත් වඩා භයානක ලෙස හුදෙකලා වෙනවා. දරුවාගේ අධ්‍යාපනය කඩා කප්පල් වී ශරීර සෞඛ්‍යය දුර්වල වී ජීවිතය අඳුරු වෙනවා. මේ ගැන දෙමාපියන් විමසිලිමත් විය යුතුයි. ඇතැම් අය ප්‍රතිකාර පතා දරුවන් රැගෙන අප ළඟට එනවා.' ඇය බීබීසීයට පැවසීය.
මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර කරන විද්‍යාත්මක විග්‍රහයට සහ දෙමාපියන්ට ලබා දෙන උපදෙස් මාලාවට පහතින් සවන් දිය හැක.


Comments
Post a Comment