ඩිපෝ ප්රොවේරා එන්නත හෝ සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට්
ඩිපෝ ප්රොවේරා එන්නත හෝ සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට්
ඩිපෝ ප්රොවේරා එන්නත කියන්නේ මාස තුනක කාලයක් දක්වා ගැබ් ගැනීම ඉතාම ඉහළ සාර්ථකත්වයකින් යුතුව වළක්වන්න පුලුවන් ක්රමයක්. මේක අතක මාංශ පේෂියකට ලබාදෙන හෝමෝන අඩංගු එන්නතක්. මේ වෙනකොට ලංකාවේ භාවිතා කරන ඩිපෝ ප්රොවේරා එන්නත අතිශයින්ම ආරක්ෂිතයි කියලා ලංකාවේ පවුල් සෞඛ්ය කාර්යාංශය කියනවා. හැබැයි පිළිගත් වෛද්යවරයෙකු විසින් පිළිගත් රෝහලකදී තමයි මේ එන්නත ලබාගන්න ඕන. මේ ක්රමයේ අතුරු ආබාධ ඉතාම අඩුයි.
දෙවෙනියට සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට්. මේකත් හෝමෝන ක්රමයක් තමයි. වඩාත් දීර්ඝ කාලයක් සඳහා ගැලපෙන ක්රමයක් තමයි මේක. ගොඩක් අය මේ ගැන දන්නේ ‘ජඩෙල්’ කියලා කිවුවහම. ඇත්තටම ජඩෙල් කියන්නේ ඒ හෝමෝන අඩංගු කැප්සියුලයේ වෙළෙඳ නාමය. මේ කැප්සියුලය සම යට තැන්පත් කරන එක විනාඩියකට වඩා ගත නොවෙන අතිශයින්ම සුළු ශල්යකර්මයක්. තැන්පත් කිරීමෙන් පස්සේ වසර පහක කාලයක් ගැබ් ගැනීම වැළැක්වීමේ අතිශයින්ම ඉහළ හැකියාවක් මේ ක්රමයට තියෙනවා. ඒ වගේම අතුරු ආබාධත් ඉතාම අවමයි.


Comments
Post a Comment